Rata Wasiya

Rata Wasiya Blog

දෙවියො අපට දරුවෙක් දෙන දවසට දෙයි එතකං අපි බලන් ඉන්නවා

ෂෙරිල් ඩෙකර් කියලා කියන්නේ පුංචි තිරයේ ඉතා කෙටි කලක් තුළදී ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක් . ඇය රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙසත් හඳුන්වන්න පුළුවන් .ඇය විවාහ වන්නේද තරුණ පරම්පරාවේ ආකර්ෂණය නිබදව දිනාගත් ජනප්‍රිය ගායක ශිල්පියකුවන රුවන් හෙට්ටිආරච්චි සමඟයි.2006 වසරේ දී අවුරුදු කුමාරි තරගයකින් කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය ප්‍රථමයෙන්ම බෙනට් රත්නායක මහතාගේ “ඉර හද යට “සිනමා නිර්මාණයට තම රංගන දායකත්වය ලබා දුන්නත් ගොඩක් ප්‍රේක්ෂකයන් ඇයව දැන හඳුන ගත්තේ “අමා” ටෙලිනාට්‍යය හරහායි.ඉතිං අද අපි ඇය පිළිබඳව කතා කරන්නට සිතුවා.

“මේ දවස් වල නම් කොවිඩ් ප්‍රශ්නය නිසා ගෙදරට වෙලා පරිස්සමට ඉන්නවා. මම දැන් අවුරුදු එකහමාරකින් විතර නිර්මාණයකට දායක වුණේ නෑ.ඇත්තටම රංගන ක්ෂේත්‍රය තුළ මට කැපිලි තියෙනවා.ගොඩක් අධ්‍යක්ෂකවරුන් නළු නිළියන් තෝරා ගන්නේ එයාලගේ favouration එක මත.කොහොමත් මම නිර්මාණය ගොඩක් බාර ගන්න කෙනෙක් නෙවෙයි.මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිල්ල අවුරුදු පහළොවක් විතර වෙනවා.නමුත් ඉතාම අතළොස්සකට විතරයි රංගනයෙන් දායකවීමට පුළුවන් උනේ.නමුත් මම දායක වූ නිර්මාණ ප්‍රමාණය අඩු වුවත් අදටත් මම ජනප්‍රිය වී තිබෙන්නේ මගේ දක්ෂතාවය නිසා.රුවනුත් මේ දවස් වල online හරහා සංගීත පන්ති කරනවා.එයත් මම වගේ වැඩ බදාගෙන කරන කෙනෙක් නෙමේ.වැඩිපුර නිර්මාණ වලට දායක වුනේ නැතත් එයාගේ සිංදු ජනප්‍රිය වෙනවා.ගොඩක් අය අහනවා අපි දෙන්න වෙන් වෙලාද ඉන්නේ කියලා.අපි අපේ පෞද්ගලික ජීවිතය සමාජ මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරන්න යන්නේ නැහැ.අපි දෙන්න අතරත් ප්‍රශ්න තියෙනවා.රණ්ඩු සරුවල් ඇති වෙනවා.නමුත් ඒ දේවල් දුරදිග ගෙනියන්න යන්නේ නැහැ.අපි දෙන්නත් දරුවෙක්ට ගොඩක් ආසයි.දෙවියො අපිට දරුවෙක් දෙන දවසට දෙයි.එතකන් අපි බලාගෙන ඉන්නවා.අපි තාම තරුණ නිසා අපිට තව වයස තියෙනවා.”

කියලා තමයි ඇය පවසා සිටියේ.ශෙරිල් ඩෙකර් කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්.ඉතිං ඇයගේ සියලු ම අනාගත කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

#6

#7