Rata Wasiya

Rata Wasiya Blog

මං එදා හිතුවේ ඒ මං ජීවත් වෙන අවසාන තත්පර කිහිපය කියලා photos

ස්ටෙෆනි සිරිවර්ධන කිවුවහම අපිට මුලින්ම මතක් වෙන්නේ සිරස නාලිකාවේ විකාශය වු the voice teen රියැලිටි වැඩසටහනයි.නිවේදිකාවක් ලෙස ඉතා චතුරව වැඩසටහන මෙහෙය වූ ඇය මේ වන විට ජනප්‍රිය ගායක දුෂ්‍යන්ත් වීරමන් සමග විවාහ වී සිටිනවා.ඇය නිවේදිකාවක් පමණක්ම නොවේ.ඇය ශ්‍රී ලංකාවට අත්කර දුන් කීර්තිය ඔබ අප සියල්ලෝම දැන ගත යුතුමයි.

2011 වර්ෂයේ විශ්ව රූ රැජිණ කිරුළ දිනාගත් ඇය 2013 වර්ෂය වන විට ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුළ ජයග්‍රහණය කිරීමට සමත් වුණා.ඒ වගේම තමයි වර්තමාන ස්ටෙෆනි සිරිවර්ධන පදනමේ හිමිකාරිය වන්නේ ද ඇයයි.උපාධිධාරිනියක වන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් අපට දකින්නට ලැබෙන්නේ ඇය ශ්‍රී ලංකා කිරුළ දිනා ගැනීමත් සමඟයි.නමුත් නිරූපණ ක්ෂේත්‍රයත් සමග ඇය කිසිදු සබදකමක් නොමැති බව තමයි ඇය කියා සිටින්නේ.

“ඇත්තටම මම ලැබෙන අභියෝග සහ අවස්ථාවන් විශ්වාස කරන කෙනෙක්.දවසක් මගේ බඩේ යම් ගැටලුවක් නිසා පොඩි ඔපරේෂන් එකක් කරනවා.එතනදී හැමෝවම මට පෙනුනේ බොඳ වෙලා.මට එදා හිතුන මම ඒ ජීවත්වන අන්තිම තත්පර කීපය කියලා.මට එවෙලෙ මගේ තාත්තාව දකින්න ඕන වුණා.ඒ වගේම තමයි එවෙලෙ මට මතක් උනා මම ජීවිතයේ විඳපු නැති ගොඩක් දේවල් තව තියෙනවා නේද කියලා.ඒ නිසා මම දෙවියන්ගෙන් මගේ ජීවිතය බේරලා දෙන්න කියලා ආයාචනා කළා.”

“ඒ වගේම තමයි මට දෙයක් කරන්න කොච්චර අමාරු උනත් මං ඒක කොහොම හරි ට්‍රයි කරල ඉගෙන ගන්නවා .මට සිංහල කතා කරන්න හරි අමාරුයි.ඒ වගේම තමයි සින්දු කියන්නත් අමාරුයි.නමුත් මගේ ආදරණීය සැමියා මගේ තියෙන දක්ෂතා හඳුනගෙන මට උපරිම ශක්තියක් ලබාදෙනවා ඒ දක්ෂතා එළිදක්වන්න.ඉතින් මම හිතන්නේ මම හරි වාසනාවන්ත බිරිඳක්.” කියලා තමයි ඇය පවසා සිටියෙ.

ස්ටෙෆනි සිරිවර්ධන කියලා කියන්නේ ලංකාවේ ඉන්න හරිම නිහතමානි ආදරණීය චරිතයක්.ඉතිං ඇයගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.