Rata Wasiya

Rata Wasiya Blog

මමත් මනුස්සයෙක්.ඒ නිසයි මට නීතියෙන් වෙන් වෙන්න පියවර ගන්න වුනේ

නෙහාරා පීරිස් කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්.ඒ වගේම තමයි ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් ද වනවා.ඇගේ හුරුබුහුටි කතා විලාසයත් රංගන විලාසයක් හේතුවෙන්ම බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඇය වටා එක්රොක් වී සිටිනවා.ඒ වගේම තමයි ඇය කලා ක්ෂේත්‍රය තුළ සිටින නිහතමානි රංගන ශිල්පිනියක්ද වෙනවා.ඇයව ගොඩක් ජනතාව අතරට ප්‍රසිද්ධියට පත් වන්නේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වු මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය ඔස්සේයි.එහිදී ඉතා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට හැකි වූ නෙහාරා ඉන්පසු බොහෝ ටෙලි නිර්මාණ වල සිය රංගන කුසලතාවය ගෙනහැර දැක්වූවා.මේ දිනවල දී ඇයව අපට වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ නැහැ.එයට හේතුව තමයි ඇය උතුම් මව් පදවිය ලැබීම.

මේ වන විට දෙවන වරට ඇය කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙකු වූ මේනක රාජපක්ෂ සමග විවාහ වී සිටිනවා.මේනක රාජපක්ෂද කලින් විවාහ වී සිටි අයෙක් වන අතර ඉන්පසු ඔහු නෙහාරාත් සමග යුග දිවියට එනවා.ඉතින් ඔවුන් පිළිබඳව යම් යම් කටකතා ඒ දිනවලදී විශාල වශයෙන් පැතිරුනා.නමුත් එම කටකතා සියල්ලටම ඉතා ශක්තිමත්ව මුහුණ දුන් මොවුන් දෙපළ මේ වන විට ආදරණීය දියණියකගේ දෙමාපියන් ද වනවා.ඉතින් පසුගිය දිනක දී ඇය එක්තරා youtube මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ අතර එහිදී ඇයගේ කලින් විවාහයෙ අත්දැකීම් පිළිබඳව කීවේ මේ අයුරින්.

“එකපාරටම මට හැම දෙයක්ම එපා උනා.මම ගොඩක් වැඩ කරපු නිසාද දන්නේ නැහැ මට එක්තරා තැනකදි ඇති කියන හැඟීම ආවා.මට දැන් මහන්සියි මට දැන් සාමකාමී වෙන්න ඕනි කියන තැන මම හිටියා.ඒ වගේම තමයි මගේ විවාහය සාර්ථක එකක් නෙවෙයි කියල මං හොඳටම දැනගෙන හිටියෙ.ඒ නිසාම තමයි මට නීතියෙන් වෙන් වීමකට යන්න සිද්ධ වුණේ.ඉතින් ඒ දේට මිනිස්සු ගොඩක් කටකතා හැදුණා.එයාලා ඒ දේට රියැක්ට් කළේ හරි අමුතු විදිහට.ඒ වෙලාවෙදි මට හිතුනා මමත් මනුස්සයෙක් නේද මටත් හැඟීම් තියෙනවා නේද මේ දේ වුණ එකම කෙනා මම විතරද කියලා.ඒ වගේම තමයි මම මගෙන්ම ප්‍රශ්න කළා මම කොහොමද මේ දේ ලෝකෙට කියන්නේ මෙන්න මෙහෙම තමයි උනේ කියලා.ඒ දවස් වල සෝෂල් මීඩියා තිබුණනම් මිනිස්සු මට කියපු කතා වලට මට සූසයිඩ් කරගන්න වෙන්නේ.”

යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් මේ වන විට මේනක සහ නෙහාරා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අතර ඔවුන් දෙපළටත් ඔවුන්ගේ සුරතල් දියණියටත් ඉදිරි අනාගත කටයුතු සඳහා හදවතින්ම සුබ පතනවා