Rata Wasiya

Rata Wasiya Blog

ලංකාව වගේ නෙවෙයි මෙහෙ මම ජීවිතය හොඳට විඳිනවා විඳවන්නේ නැතුව

ගයේෂා පෙරේරා කියන්නේ කලක් ශ්‍රී ලාංකීය සිනමාව මෙන්ම පුංචි තිරය හැඩ කෙරූ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ වගේම තමයි ඇය නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ ද අපට දැක බලාගන්නට පුළුවන්.ඇය රංගනයෙන් දායක වූ බොහෝ නිර්මාණ ඉතා ජනප්‍රිය ලෙස ප්‍රේක්ෂකයන් වැලඳගත්තා.ඒ නිසාම ඉතා විශාල රසික රසිකාවියන් පිරිසක් ඇය වටා එක්රොක් වී සිටිනවා.ඉතින් මේ දිනවල දී ඇයව අපට වැඩිය රංගන ක්ෂේත්‍රය තුළ දකින්නට පුළුවන් වන්නේ නැහැ.එයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඇය මේ වන විට විදෙස්ගත වී සිටීමයි.ඉතින් ඇයගේ නවතම තොරතුරු ඇය අපත් සමඟ බෙදා ගත්තේ මේ අයුරින්.

“මේ දවස් වල නම් මේ ගෝලීය වසංගතය නිසා ගෙදරට වෙලා ඉන්නවා.මොකද මෙහෙ වාතාවරණය ටිකක් අවදානම් සහිතයි.මම දැන් මෙහෙට ඇවිත් අවුරුදු පහක් විතර වෙනවා.දැන් නම් මේ ජීවිතයට හුරු වෙලා ඉන්නෙ.නමුත් ඉතිං ලංකාව තමයි මගේ අංක 1.මේ ජීවිතය ලංකාව වගේ නෙවෙයි.මගෙ බබත් එක්ක හරිම සතුටෙන් තමයි කාලය ගත කරන්නේ.

මම දැන් විදෙස් ගත වෙලා ඉන්න නිසා ඒ කාලේ වගේ වැඩිය නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ නෑ.නමුත් මෙහි රූගත කිරීම් කරන නිර්මාණවලට ආරාධනා ලැබුණා.මේ ගෝලීය වසංගතය නිසා ඒවත් කල්ගියා.ඉතින් හොඳ නිර්මාණයක් ලැබුණොත් ඒ නිර්මාණය සඳහා රංගනයෙන් දායකවීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

මේ පරිසරය ලංකාව වගේ නෙවෙයි.මෙහෙ නිතරම උත්සව පවත්වනවා.විවිධාකාරයේ මිනිස්සු ආශ්‍රය කරන්න සිදුවෙනවා.මාව වැඩිය පුංචි තිරයේ දකින්න නොලැබුණත් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් මාව දැක බලාගන්නට පුළුවන්.ඒකෙන් තේරෙන්නේ තවමත් මිනිස්සුන්ට මාව අමතක වෙලා නෑ කියන එක.මම කොහොමත් විනෝදකාමීව ඉන්න කැමති කෙනෙක්.ජීවිතයේ විදවන්න මම කැමති නෑ.නිසා නිරන්තරයෙන් උත්සහ කරන්නේ මට මේ ලැබිලා තියෙන ජීවිතේ උපරිමයෙන්ම විඳින්න.

ගොඩක් මිනිස්සු තවමත් මගේ photos වලට නරක විදිහට කමෙන්ට් කරනවා.නමුත් මම ඒවා ගණන් ගන්නේ නෑ.මොකද ඒවා මට මට විතරක් පොදු කාරණාවක් නෙවෙයි.ගොඩක් ජනප්‍රිය අයට කට්ටිය මඩ ප්‍රහාර එල්ල කරනවා වැඩියි.ඒ නිසා මම ඒවට සැලෙන්නේ නෑ.” යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතිං ඇයගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.