Rata Wasiya

Rata Wasiya Blog

ෆිල්ටි අද ඔයාට වුන දේ මීට වසර දෙකකට කලින් මට උනේ යාළුවා photos

විශ්ව පෙරේරා කියලා කියන්නේ වර්තමානය වන විට කා අතරත් ජනප්‍රිය චරිතයක් වනවා.ඔහු රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ සිය වෘත්තීමය කටයුතු සිදු කරන අතර ඔහු පිළිබඳව පසුගිය කාල වකවානුව තුළදී විවිධාකාර වූ පුවත් මතු වන්නට වුණා.කලා ක්ෂේත්‍රය තුළ සිටින පියුමි හංසමාලි වැනි රංගන ශිල්පිනියන්ගේ ළඟම හිතවතෙකු වන විශ්ව පෙරේරා මේ වන විට අපට වැඩිය දකින්නට ලැබෙන්නේ නැහැ.නමුත් ඔහු සිය මුහුණු පොතෙහි පළ කර එක්තරා සටහනක් නිසා යළිත් ඔහු පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා.

ඔහු හසිනි සැමුවෙල් නම් නිරූපිකාව සමඟ මීට වසර දෙකකට ඉහතදී විවාහ වීමට සිටි අතර එම විවාහ මංගල්‍යය උත්සවයේදී ඔහුට සිදුවූයේ ඔහු හීනෙකින්වත් නොසිතූ සිදුවීමක්.හසිනි සැමුවෙල් fill t නමින් හඳුන්වන ජනප්‍රිය රැප් ගායකයාත් සමග එදින ඇයගේ සහ විශ්වගේ විවාහ උත්සවයේ දී අසැබි ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන්ගේ විවාහය සිදු වූයේ නැහැ.ඉන්පසු fill t හසිනි සැමුවෙල් සමඟ එකට පවුල් ජීවිතයක් ගත කළ අතර ඔවුන් දෙපළට ආදරණීය සුරතල් පුතෙක් ද සිටිනවා.හසිනි කියන්නේ ෆිල්ටිගෙ දෙවන බිරිඳ වන අතර මේ වන විට ෆිල්ටිගේ සහ හසිනිගේ සබඳතාවත් බිඳ වැටී ඇති බව පසුගිය දිනෙක filti සිය මුහුණු පොතේ තැබූ සටහනක් ඔස්සේ අපට දැකගන්නට පුළුවන් වුණා.එහිදී filti සඳහන් කර සිටියේ ” හැමදාමත් මගේ මගෙ දරුවව හිරකරන් සිටියට එයා කවදා හරි තාත්තාව හොයාගෙන එනවා” කියලයි.

ඉතින් ෆිල්ටිගෙ එම සටහනට පිළිතුරු සටහනක් ලෙස විශ්ව පෙරේරා සිය මුහුණු පොත ඔස්සේ අපූරු ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ තමයි,”Fill t මචං එදා ලෝකයක් ඉස්සරහ ඔයා ලැජ්ජ කරල ,මට තිබ්බ හැමදේම නැති කරපු ඔයා , අද ලෝකයක් ඉස්සරහ ඔයාගේ දුක කියනවා.කාලය හැමදේටම නියම වෙලාව අරන් උත්තර දෙනවා.අද ඔයාට උනදේ මීට වසර දෙකකට කලින් මට වුනේ යාළුවා.එදා ඔයා කියපු කරපු දේවල් අද ඔයා මතක් කරන්න.මොනා උනත් මම ඔයාට හිනා වෙන්නෙ නෑ”

යනුවෙන් තමයි ඔහු සඳහන් කර තිබුණේ.ඉතින් ඔවුන්ගේ පවුල් ජීවිත කෙලෙස වුවත් ඔවුන් කලා ක්ෂේත්‍රය තුළ වෘත්තීමය වශයෙන් සිය කටයුතු කරන කලාශිල්පීන් වනවා.ඉතින් ඔවුන්ගේ ඉදිරි කටයුතු සඳහා සුබ පතනවා.