Rata Wasiya

Rata Wasiya Blog

දේශපාලනය පසෙකලා ඩලස් හිටිහැටියේ වනගත වෙයි photos

ඩලස් අලහප්පෙරුම කියලා කියන්නේ දේශපාලන වේදිකාව ඔස්සේ ජනතාවට මහඟු සේවයක් සිදු කළ සහ කරන දේශපාලන නායකයෙක් වනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයාද වෙනවා.ඔහු ඒ ඔස්සේ විශාල වගකීම් සමුදායක් ජනතාව වෙනුවෙන් ඉටු කරන පුද්ගලයෙක් වෙනවා.ඔහු පෙර දී රජයේ විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කල අතර වර්තමානයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ බාර ගනු ලැබුවා.

මීට පෙර දී ඔහු අධ්‍යාපන, ක්‍රීඩා, වෘතීය පුහුණු ආදී අමාත්‍යංශ රැසක අමාත්‍යවරයකු ලෙස කටයුතු කරලා තියෙනවා.ඒ වගේම තමයි 2016 සිට මේ වන තෙක් මාතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන ඩලස් අලහප්පෙරුම මහතා පුවත්පත් ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙක් ද වනවා.ඉතිං එතුමා පිළිබඳ මේ දිනවලදී අලුත්ම කතාබහක් ඇතිවෙලා තියෙනවා.ඒ තමයි ඔහුගේ උපන් ගම්මානයේ වූ රදම්පොල ප්‍රදේශයේ ගොස් තමන්ගේ හිතවතුන් මුණ ගැසී ඔවුන් සමඟ කාලය ගත කිරීම නිසයි.

ඉතින් එහිදී ඔහු තම හිතවතුන් සමග වනාන්තරයක ඇවිදීමට ගොස් ඇති අතර එහිදී ලබාගත් ඡායාරූප සමග අපූරු සටහනක් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කරලා තිබුණා.ඒ තමයි,

“මගේ ආදරනීය උපන් ගම්මානය රදම්පොල ගමේ පරිසරය සහ ගැමියන්ගේ සුන්දරත්වය දශක ගණනාවකට පසු නැවත ඒ ආකාරයෙන්ම අත්විඳිමි.පුංචි සංදියේ අපි අම්මට රහසිගතව පිහිනන්නට පැමිණි එබකන්ද දොල , මොහොට්ටි අයියා නිහාල් ඇතුළු කිහිප දෙනෙකු සමඟ දොලේ සහ කන්දෙ ගලින් ගලට පැන ගොස් සේන පොඩි මල්ලිගෙ පැල් කොටය තුළ ගත් ආහාර වේල, නැවත මාව ඒ අසිරිමත් ඉතිහාසයට කැඳවාගෙන ගියා.නිර්ව්‍යාජ ගැමි කම කොතරම් උත්තම ද? සුන්දරද? “

යනුවෙන් තමයි ඩලස් අලහප්පෙරුම මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ.ඉතින් සිය දේශපාලනික බලතල ඔස්සේ ජනතාව උදෙසා බොහෝ වැඩ කටයුතු ප්‍රමාණයක් ඔහුට කර ගැනීමට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරනවා.